මලෛයගම් (කඳුකරය) කේන්ද්‍රය කරගනිමින් කලා කටයුතුවල නිරත වන Theatermates නමැති කණ්ඩායමට ආරක්ෂක අංශවලින් තර්ජන එල්ල වන බවට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, පසුගියදා පැවැති ‘කෝඩියෝර කූඩල්’ නමැති නාට්‍යය බගවන්තලාව ප්‍රදේශයේ රඟ දක්වමින් සිටියදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන්.
එම අවස්ථාවේදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා දුන් අයෙක් විසින් මෙහි කුමක් ද කරන්නේ.? කවුරුන්ද මේ නාට්‍ය සංවිධාන කළේ යනුවෙන් ප්‍රශ්න කර තිබෙන බවයි පැවසෙන්නේ.
එම පුද්ගලයා සමෘද්ධි නිලධාරියෙක් වන අතර බගවන්තලාව පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ අණ කිරීම් මත මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි බවට ඔහු ප්‍රකාශ කළ බව පැමිණිලිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරින්ගේ ප්‍රශ්න කර ඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත් සිවිල් ඇඳුමින් පැමිණි නිලධාරින්ව තමන් දීර්ඝ කාලයක් පුරා දන්නා බවත්, ඔවුන්ගේ දුරකතන අංක තමන් සතුව ඇති බවත් සමෘද්ධි නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අනාවරණවී ඇත්තේ, එය හමුදා බුද්ධි අංශ නිලධාරිවරයෙක්ට අයත් බවයි.