26 C
Colombo
Friday, October 25, 2024

නඩු දින මතක් කරන්න ගිය සැරයන්වරයාට ගුටි

- Advertisement -

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙසට දැනුම් දීමකට මහනුවර, මාපානවතුර ප්‍රදේශයේ නිවසකට ගිය පොලිස් සැරයන්වරයකුට එම නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනකු විසින් පහර දී රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් (70) හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුළු දිවයිනටම සාමාදාන විනිසුරුවරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බවත්, ඔහුගේ පුතුන් දෙදෙනා දැනට ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඉහත මහනුවර මුලස්ථාන පොලිසියේ රාජකාරිකරන සැරයන්වරයා දන්වා ඇත්තේ කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඉහත සැකකරු සම්බන්ධයෙන් විභාග වන නඩුවක් වෙනුවෙන් 2023.08.23 දින පෙනී සිටින ලෙසයි.

සැකකරුගේ නිවසට ගොස් සිද්ධිය දැනුම් දුන් අවස්ථාවේ එම සැකකරු නඩුවට විරෝධය දක්වමින් පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...