27 C
Colombo
Saturday, October 5, 2024

අලුත් ආණ්ඩුවේ පත්කිරීමක් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

- Advertisement -

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාව මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබෙනවා.

අජන්ත රොද්‍රිගෝ යනු 2023 මාර්තු 07 වනිදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට අනීතීක ලෙස කදුළු ගෑස් ගසා සිසුන්ට ශාරිරික හානිකල පොලිස් මර්දන ක්‍රියාවට අණ දුන් පොලිස් නිලධාරියා වනවා.

එම ප්‍රහාරයට පසුදින ශ්වසන අපහසුවක් හේතුවෙන් රෝහල් ගත කළ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරී වන්නිනායක මහතා මියගිය අතර ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වන තෙක් අවසන්ව නැහැ.

ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාල සිසුන් විසින් ගොනු කළ SC FR 227/23 මුලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවනි වගඋත්තරකරු ද ඔහු වන අතර මානව හිමිකම් කොමිෂම් සභාවේ සිතාසි නොසලකා මානව හිමිකම් කොමිෂමේ විමර්ශන සදහා නොපැමිණි පුද්ගලයෙක්ද වනවා.

විරෝධතා විසුරුවා හැරීමට පැමිණි මෙම පොලිස් නිලධාරියා වඩාත් කුප්‍රකට වූයේ අතින් කඩන ලද කඳුළු ගෑස් කැනිස්ටර විරෝධතාවයේ නිරත පිරිස් වෙතට එල්ල කිරීම හේතුවෙන්.

මීට අමතරව බොරැල්ලේ පැවැති සාමකාමී සැමරුමකට බාධා කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් එවක සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝ නැමැති මෙම පොලිස් නිලධාරියාට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහුට මානව හිමිකම් කොමිසමෙන් සිතාසි නිකුත් කළද අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු සහභාගී වුණේ නැහැ.

තවද 2023 වර්ෂයේ පෙබරවාරි 03 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ සිදුකළ සාමකාමී සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ප්‍රහාරයක් එල්ල කළ අතර අජන්ත රොද්‍රිගෝ සිදුකළ පහරදීමෙන් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහතාගේ අතෙහි අස්ථි බිදීමක් සිදුවුණා.

මීටත් අමතරව මෙම පොලිස් නිලධාරියා අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කළ බවට තහවුරු කල නිලධාරියෙක්ද වනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ එවක කැඳවුම්කරු වු වසන්ත මුදලිගේ මාස ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ සිරකිරීම සඳහා පොලිස් අධිකාරී රෝද්‍රිගෝ විසින් අසත්‍ය කට උත්තරයක් ලබාදී ඇති බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූවා.

ඒ අනුව වසන්ත මුදලිගේ අදාළ චෝදනාවලින් නිදහස් කරමින් 2023 වසරේ මාර්තු 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේදී පැවසුවේ මෙම රොද්‍රිගෝ නැමැති පොලිස් නිලධාරියා ඔහුට තර්ජනය කිරීමක් කරමින් බියගැන්වීමක් කළ බවට වන ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේව සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා නිරිමාණය කරන ලද ප්‍රකාශයක් බවයි.


RECENT ARTICLES - SINHALA

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි අරඹන්න උපදෙස්

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03)...

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...