24 C
Colombo
Thursday, November 7, 2024

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

- Advertisement -

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඌව සහ උතුරු පළාත් වල පළාත් පාලන ආයතන මට්ටමින් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ ඒ සම්බන්ධයෙන් වන කළමනාකරණ ගැටලු විසඳීම සඳහා 2024-2028 කාලසීමාව තුළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 10.20 ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය එකඟතාව පළ කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික සහාය සහ කොරියා රජයේ මුල්‍ය ආධාර උපයෝගී කර ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්දානන්දගේ චණ්ඩි දේශපාලනය ඉවරයි – හරිනි

කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ - කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති...

ගාල්තැන්න දේවාලයේ තිබී තවත් ජීප් රථයක් අත්අඩංගුවට

ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් බව කියන ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී...

පුද්ගලයෙක් මතට පස් කණ්ඩියක් කඩා වැටෙයි

ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ (06) සවස එම...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...