27.2 C
Colombo
Saturday, December 14, 2024

දෝෂභියෝගයෙන් පැරදුණ දකුණු කොරියානු ජනපති

- Advertisement -

දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබුණා.

දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින්.

කෙසේ වුවද, පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණා.

ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ ඒ අනුව යි.

එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණයි.

ඒ අනුව, දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ අනුව, ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙන අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියගිය අයෙකුගේ සිරුර සැඟවූ දෙදෙනෙකු අත්අඩංගුවට

මෘත ශරීරයක් සැඟවීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඌරගස්මංහන්දිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය සැඟවීම...

ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ සහ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...

ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක්

රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට අල්ලස්...

POPULAR ARTICLES