28.3 C
Colombo
Friday, December 20, 2024

දරුණු පරාජයට හේතු සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවයි

- Advertisement -

ඉන්දියාව සමඟ පැවැති අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයෙන් අත්වූ අන්ත පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් ඇතුලත් විය යුතුයි.

අදාළ වාර්තාව දින 5ක් ඇතුලත කඩිනමින් ලබා දෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුගෙන් ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (15) තිරුවනන්පුරම් හි පැවති අවසන් එක්දින තරඟයෙන් ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

එය එක්දින ජාත්‍යන්තර තරඟයකදී කණ්ඩායමක් වාර්තා කළ විශාලම පරාජය ලෙසයි සැලකෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් මාට්ටු

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ...

POPULAR ARTICLES