ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවත්වා ගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, වරාය, නාවික හා ගුවන්සේවා අමාතයංශයේදී අද (26) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාලච්ඡාවකට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බින්දුවට වැවී ඇති බවත්, ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්නද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බවයි.