22 C
Colombo
Wednesday, December 25, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරගයේ ජයත් අහිමි වෙයි

- Advertisement -

2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

එහිදී  තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද එක් වෙනස්කමක් සිදුකරමින් සචිනි නිසංසලා වෙනුවට ඉනෝකා රණවීර තරගයට කැඳවා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සමඟින් චමරි අතපත්තුයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 6ක් ලෙස සටහන් වෙද්දී විශ්මි ගුණරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවාගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා.

නායිකා චමරි අතපත්තුට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණයි.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කරන්නට හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා උත්සාහ දැරුවේ සිව්වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් එක්කරමින්.

හර්ෂිතා ලකුණු 23කට දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 93ක් පමණයි.

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 94ක ජයග්‍රාහී ඉල්ලකය පසුකර ගියා.  

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES