27.3 C
Colombo
Saturday, April 12, 2025

MasterChef කිරුළ දිනූ ලාංකික පශු වෛද්‍යවරයා

- Advertisement -

ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුළන සූපශාස්ත්‍ර තරඟාවලියක් වන බ්‍රිතාන්‍ය MasterChef හි ශූරතාවය දිනා ගැනීමට ලාංකික දමිළ තරුණයෙකු වන බ්‍රින් පිරතාබන් සමත්ව තිබෙනවා.

29 හැවිරිදි බ්‍රින් මෙම තරඟාවලියට ඉදිරිපත්වීමට පෙර බ්‍රිස්ටල්හි පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබීමද විශේෂත්වයක්.

BBC TV විසින් මෙම තරඟාවලිය සංවිධාන කර තිබුණේ, 20 වැනි වරටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර මෙම තරඟාවලිය සඳහා තරගකරුවන් 57 දෙනෙකු එක්ව සිටි බවයි.

තමා කුඩා වියෙහි සිට මාස්ටර් චෙෆ් වැඩසටහන නැරඹූ බවත් ආහාර පිසීමට එක් හේතුවක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකි බවත් ඔහු ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“ලාංකික දමිළ සමාජයෙන් පැමිණෙන මට කිසිම දිනෙක නීරස ආහාර ගන්නට ලැබුනේ නැහැ. සෑම දවසකම වගේ අපේ කෑම මේසය පිරී තිබුණේ ප්‍රනීත ආහාරවලින්. මම හිතන්නේ මාව නිර්මාණය වෙන්නේ, මගේ පසුබිම. සංස්කෘතිය වගේම දෙමව්පියන් මට ලබා දුන් අවස්ථාවල එකතුවෙන්. එයාල මට දුන්න සහයෝගය ඉතාමත් වැදගත්. මේ ජයග්‍රහණය ඔවුන් වෙනුවෙනුත් ලබා ගත් එකක් විදියට මම දකිනවා”

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

POPULAR ARTICLES