27 C
Colombo
Monday, April 21, 2025

මෝදි ගැන කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරනවා – විදුලිබල මණ්ඩලයේ සභාපති

- Advertisement -

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා (10) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

එම කමිටුව හමුවේ එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා හෙළිදරව් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අදාළ සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් බැවින් ඊට තමන්ට මැදිහත් විය නොහැකි බව දන්වමින් හා ජනාධිපතිවරයා අදාළ බලාගාරය ඉන්දීය සමාගමට ලබාදෙන්නැයි නියෝග කරන බව සඳහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තමන් ලිපියක් යොමුකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් ඊයේ (11) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර ඇත්තේ කෝප් කමිටුවේදී සිටි පීඩනය හා හැඟීම් නිසා ඉන්දීය අගමැති යන වචනය තමාට ප්‍රකාශ කිරීමට සිදුවූ බවයි.

එහෙයින් තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන කොන්දේසි විරහිතව සමාව අයැදින බව ඒ මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අවුරුදු කාලේ හයිවේ ආදායම

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය...

අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර...

පාස්කු ප්‍රහාරයට වසර හයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක්. 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ...

POPULAR ARTICLES

අවුරුදු කාලේ හයිවේ ආදායම

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය...

අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර...

පළමු පාසල් වාරයේ තෙවන අදියර අද

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පළමු වාරය මැයි මස 9...