25 C
Colombo
Monday, November 18, 2024

අඛණ්ඩව සතියක් කොටස් වෙළෙඳපොළ ඉහළට

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) දිනයේ දී ඒකක 111.54 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 13,280.94 ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් සිල දර්ශක වටිනාකම වේ.

එසේම අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ සත් වැනි දිනය අදයි.

මේ සමඟම 2022 වසරේ මුල් සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළේ 8.63% ක වර්ධනයක් සිදුව තිබේ.

S&P SL20 දර්ශකය ද ඒකක 53.55 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 4,568.64 ක් ලෙසින් වාර්තා විය.

රු. බිලියන 11.64 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු අද දින සිදු වී තිබුණි.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES