කොළඹ කොටස් වෙළඳපළ අද (02) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා.
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.06කින් ඉහළ ගොස් 16,007.44 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.46%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.3 ක් ලෙසයි සටහන්ව තිබෙනවා.