26 C
Colombo
Saturday, October 5, 2024

Eco Tablet දාලා ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිවෙන කතාව බොරුවක් – සිපෙට්කෝ

- Advertisement -

එක්තරා දේශීය සමාගමක් නිපදවන Eco Tablet නැමැති ඉන්ධන සමඟ සංකලනය කරන පෙත්තක් (Tablet) සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංස්ථාව පවසන්නේ විවිධ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගනිමින් මෙම සමාගම ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා සිදුකරන මෙම අලෙවි ප්‍රවර්ධනය ඉන්ධන පාරිභෝගිකයා නොමඟ යැවීමේ කූට උපක්‍රමයක් බවයි.

තව ආයතනය මෙවැනි පෙත්තක් වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇතිබව හෝ ස්පෙට්කෝ ඉන්ධන සමග සංකලනය කිරීම සඳහා කිසිඳු ආයතනයකට උපදෙස් දී නැතැයි එම නිවේදනයේ සදහන්.

එමෙන්ම දැනට දේශීය වෙළෙඳපොළේ පවතින ඩීසල්, පෙට්‍රල් සාම්පලවල පිළිගත් රසායනාගාර පරීක්ෂණයකින් තොරව එ්වායේ ඔක්ටේන් අගය අඩු බවට එම ආයතනය සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දන්වා ඇතැයිද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි අරඹන්න උපදෙස්

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03)...

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...