2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණා.
අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 ක්.
ඒ අනුව, අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වුණා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගත් තීරණය පිළිබඳව ඔහු කියා සිටියේ,
“මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ.”
“අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.”
Related

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්.

2024 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (13) පැවැත්වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් සහ විරුද්ධව ඡන්ද 81 ක් හිමි වුණා. ඒ අනුව, 2024 අය වැය වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මෙහිදී අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම…

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන අතර එහි ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස…