ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ ඊයේ (23) රාත්‍රීයේ පැවති සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය නැරඔීම සඳහා ශ්‍රී ලංකාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට සහභාගි වි තිබුණා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධික වැඩ සහිතව පැවති දේශපාලන මැතිවරණ කාලය ජයග්රහණයෙන් පසු සැහැල්ලු මනසින් විවේකයක් ගැනීමට මොවුන් මෙම අවස්ථාවට එක්වූ බවයි.
ABBA යනු ස්වීඩනයේ ප්‍රසිද්ධ පොප් සංගීත කණ්ඩායමක් වන අතර මෙම කණ්ඩායම 1970 දශකයේ සිට ක්‍රියාත්මක වූවා.