26 C
Colombo
Thursday, December 12, 2024

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

- Advertisement -

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා.

ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය දීඝදන්තු 01 ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව අද (12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත්තා.

එහිදී දෙපාර්ශ්වයේ කරුණු සලකා බලමින් සැකකරු ලබන (26) තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ගල්කිරියාගම වනසත්තව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක හා වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.රත්නායක යන අය විසිනුයි එම ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.

මියගිය දීඝදන්තු ඇතා වෙනුවෙන් කරුණු දැක්වීමට වන සත්ව හා පරිසරය සංවිධාන මෙන්ම, වන සත්ව ලෝලීන් නියෝජනය කරමින් නීතීඥවරුන් 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගණන 6ක්.

RECENT ARTICLES - SINHALA

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග...

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

POPULAR ARTICLES