පවතින සහල් හිඟයට විසඳුමක් වශයෙන් රජය විසින් පසුගිය දෙසැම්බර් 04 වෙනිදා සිට පෞද්ගලික අංශයටද සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබුණා.
ඒ අනුව, සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ ආනයනය කර තිබුණා.
මේ තොගය අතර කැකුලු සහල් ටොන් 45,000 ක් සහ තැම්බූ සහල් ටොන් 70,000 ක් ඇති බවද වාර්තා වෙනවා.