පසුගිය සමයේ මහත් අන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබූ පඩු කරද ගස කපා ඉවත් කර ඇති බව වාර්තා වනවා.
දාරළුව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පසුගියදා බැකෝ යන්ත්‍රයක් ඇතුළු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කර ඇති බවයි.
මෙම ශාකය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය සමයේ දී දැඩි කතාබහට ලක් වුණා.
නමුත් ගම්පහ උද්භිද උද්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක ඇති බවට සඳහන් වුණා.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගය ඉදිකරන ඉංජිනේරුවරුන් පෙන්වා දී තිබුණේ දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවයි.