27 C
Colombo
Monday, April 7, 2025

Google නිසා ශ්‍රී ලංකාවේ ඩොලරයට සිදුවුණ දේ ගැන ඇත්ත කතාව

- Advertisement -

Google සෙවුම් යන්ත්‍රයට ලබාදුන් වැරදි දත්ත හේතුවෙන් එහි විනිමය අනුපාත දත්ත ඊයේ පස්වරුවේ වැරදි ආකාරයෙන් පෙන්නුම් කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙනවා.

අප කළ විමසුමකදී ඒ මහතා සදහන් කළේ මේ හේතුවෙන් ඇමරිකානු ඩොලරයක අගය ඉතාමත් පහත අගයකින් නිරූපනය වූ බවයි.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ අගය Google සෙවුම් යන්ත්‍රයේ වාර්තා වූයේ රුපියල් 236.81ක් ලෙසයි.

මෙම වැරදි දත්තත් සමඟ ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටී රුපියල ශක්තිමත් වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් තොරතුරු ගලාගියා.

රුපියල් තුන්සිය ගණනක පැවති ඩොලරය මේ සා විශාල අගයකින් පහත වැටීමත් සමඟ මෙරට ආර්ථිකය ශක්තිමත් වී ඇති බවට සාවාද්‍ය වාර්තාද පලවුණා.

මේ වන විටත් දැඩි ආර්ථික අර්බුදයක පවතින ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රුපියල ක්ෂණයකින් ශක්තිමත් විය නොමැකි බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙනවා.

මහාචාර්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි ව්‍යාජ සංස්කරණයන් Google‌ සෙවුම් යන්ත්‍රය හරහා සමාජගතවීම් මගින් ව්‍යාපාරික ආර්ථිකයට විශාල වශයෙන් අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි.

මෙවැනි වැරදි ක්‍රියා සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එය එසේ නොවුණහොත් රටේ සිදුවන ආනයන – අපනයන ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

POPULAR ARTICLES

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...