2023 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද (10) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වෙනවා.
දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරඟාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථාන ඇතුළු ප්‍රබල රටවල් 10ක් එක්වෙනවා.
තරඟාවලියේ මුලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත සහ සත්කාරක දකුණු අප්‍රිකාවට සමඟ තරඟ කිරීමට නියමිතයි.
තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද (10) නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරඟ බිමට පිවිසෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු දරණ අතර ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.
A කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් අද (10) රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට නියමිතයි.