31 C
Colombo
Saturday, October 5, 2024

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

- Advertisement -

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200ක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයා ලබන 08 දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනීය පතිරාජ මහත්මිය අද (06) නියෝග කළා.

පළමුව රුපියල් 300,000ක මුදලක්ම ලබාගෙන ඉතිරී රුපියල් 154,200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉබ්බාගමුව – දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ දිනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් සඳුදා දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් මගින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී කටයුතුවලදී ඉහත ගිණුම්වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ණය පැමිණිලිකාර පුද්ගලයා අධිකරණය ට ඉදිරිපත් නොකර සිටීමට නම් රුපියල් 4.54,200ක මුදලක් අවශ්‍ය බව පවසා එකී මුදලින් රුපියල් 300,000ක මුදලක් පළමුව ලබාගෙන තිබූ බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් ඉතිරි මුදල් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.


RECENT ARTICLES - SINHALA

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...