25 C
Colombo
Wednesday, January 15, 2025

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

- Advertisement -

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසනවා .

අද පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය අසල කොටසක් බදුලු ඔයට කඩා වැටී නායයාමට ලක්වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නායයාමට ලක්වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ඒ අසල නාය ගිය ස්ථානයේ නාය යාම වර්ෂාවත් සමඟ තවත් සක්‍රීය වීමේ අවධානමක් තිබෙන බවයි.

විශේෂයෙන් වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මේ අවධානමක් ද පවතින හෙයින් රථ වාහන පැදවීමේදී විමසිලිමත්ව දැඩි ආරක්ෂිත ව කල්පනාකාරීව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙනවා .

විදුලි කණු කඩා ගෙන යාම නිසාවෙන් උඩුවර ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි බලය ඇනහිට තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය ගැන ප්‍රකාශයක්

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ...

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

අනුර ෂී ජින් පිං හමුව අද

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ...

POPULAR ARTICLES