ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122ක් එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇති බවයි.
අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බව එම වාර්තාවේ දැක්වෙනවා.
අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කර ඇති නමුත්
මේ තත්වය මේ දක්වාම නිවැරදි වී නැති බවයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර එම විගණන කාර්යාලය පවසන ආකාරයට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක මුදලක් ගෙවා තිබෙනවා. ඒ
පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් ද තොරවයි.
2014 වර්ෂයේ නොවැම්බර් 1 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා දක්වා
කාලයේදී මෙම ගෙවීම් සිදුකර තිබෙනවා.