එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙක්, ඕනෑකමින්ම පක්ෂය දියාරු කිරීමේ ස්වරූපයකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී රවී කරුණානායක මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඔවුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරගෙන ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයෙ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළ හැකි එකම පුද්ගලයා තමා වුවද මේ වන විට කුඩම්මාගෙ සැලකිලි ලබා දී රැස්වීමකට හෝ තමන්ව නොකැඳවමින් පක්ෂයේ ඇතැමුන් කටයුතු කරන බවද රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියා.
” මෙතන ඕනෑකමින් පක්ෂය දියාරු කිරීමේ ස්වරූපයක් භූතයෝ දෙන්නෙක් ඇති කරල තියෙනවා.නවීන්ලා රුවන්ලා හරීන්ල මනූෂලා, අකිල මේ ඔක්කොම පක්ෂය ඉදිරියට ගෙන යන ස්වරූපයක් තියෙනවා, නමුත් දෙන්නෙක් රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරලා කටයුතු කිරීමක් තමයි තියෙන්නෙ”