තමන්ට පහරදීම සිදුකළේ පිරිමින් පිරිසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
ඒ, අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ දින පොලිස් අත්අඩංගුවට පත්වූයේ කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරතවීම හේතුවෙන්. ඉන් අනතුරුව පස්වරුවේදී ඇයට පොලිස් ඇප හිමිවිය. කෙසේ නමුත්, තමන් කිසිඳු නීති විරොධී ක්‍රියාවක නිරත නොවූ බවයි ඇය අද පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ.
ජනාධිපතිවරයාගේ නිවස ඇත්තේ මහාමාර්ගය ඉදිරිපස බවත් ඕනෑම අයෙකුට මහමග ගමන්ගැනීමට හැකියාවක් ඇති බවත් උද්ගෝෂණය කිරීම ව්‍යස්ථානුකූල අයිතියක් බවත් ඇය පෙන්වා දෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය,
“ඔක්කොම හිටියෙ දොළොස් දෙනයි එතන. කිසිඳු නීතිවිරෝධී වැඩක් උනේ නෑ. අපිව ගෙනියන්නෙ ඇයි කියල ඇහුවට උත්තර දුන්නේ නෑ. පැය 4-5ක් විතර අපිව තියන් හිටියා. ඔය ඇප කතන්දර කිව්වට එහෙම නෙවෙයි උනේ. අපිව රඳවාගෙන හිටියා. අපිට නඩුවක්වත් දාන්නවත් කතාකරලා නෑ. පොලිස් ඇපයක් දුන්නේ. ඒගොල්ලොන්ට අපිට දාන්න නඩුවකුත් නෑ. චෝදනාවකුත් නෑ. ඒගොල්ලොන්ට ඕන උනේ අපිව එතනින් ඉවත් කරන්න.
මාව බස් එකට උස්සලා විසි කරපු එකෙන් මගේ කොන්දට හානියක් උනා. මාත් එක්ක ගියපු කාන්තාවන්ට පහර දුන්නා. ඔවුන්ගේ අනවශ්‍ය තැන් මිරිකලා පුලුවන් තරම් වද දුන්නා.”
මේ කරන් යන විරෝධයේ අවසාන දවස තමයි 9 වෙනිදා. මෙයාව ගෙදර යවන්න ඕනෙ නම් 9 උදේ විරෝධතා කරලා හවස මෙයා යයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි එක දිගටම මේක කරන් යන්න ඕනෙ. කවුරු කරත් මගේ උපරිම සහය දෙනවා. සජබෙන්ම කරන්න ඕනෙ කියලා මානසිකත්වයක් අපිට නෑ. මොන ආණ්ඩු හදන්නත් මේ පුද්ගලයා යවන්න ඕනෙ.
මම ඔය පක්ෂ වලට කියනවා තමන්ගෙ උද්ධච්ඡකම් පැත්තක තියලා අරගලයට සහය දෙන්න. පස්සෙ මිනිස්සු තීරණය කරයි බලය ගැන.”