ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් නව ඩයිනෝසර විශේෂය මෙතෙක් ලොවෙන් වාර්තා වූ විශාලතම ඩයිනෝසරයා බව අනාවරණය කර ගෙන තිබේ.
කූපර් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම පොසිලීකරණය කරන ලද ඇටසැකිල්ල හමූවූයේ 2007 වර්ෂයේ දීය.
ඒ නිරිතදිග ක්වීන්ස්ලන්තයේ ඊරොමැන්ගා ද්‍රෝණියේ කූපර් ක්‍රීක් හි දී වේ.
දිගු කලක් අභිරහසක්ව පැවති ඩයිනෝසර් ඇටසැකිල්ල විද්‍යාත්මකව විස්තර කරමින් මෙම ඩයිනෝසර්වරයා පිළිබඳ කරුණු රැසක් PeerJ නම් විද්‍යාත්මක සඟරවේ පළ කිරීමට පර්යේෂකයෝ කටයුතු කරන ලදී.
Australotitan cooperensis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කූපර් මීට වසර මීට වසර මිලියන 90කට පෙර පෘථිවිය මත ඇවිද ගිය බව ගණන් බලා තිබේ.
ඩයිනෝසරයන් අතරින් විශාලතම බෙල්ල සහිත සෞරෝපෝඩ්ගේ (sauropods) පවුලට අයත් මෙම ඩයිනෝසරයා ශාක භක්ෂක බව පැවසෙයි.
ඩයිනෝසරයා උකුළේ සිට මීටර් 5 සිට 6.5 ක් දක්වා උස බවත් දිග මීටර් 25 සිට දක්වා 30 දක්වා ප්‍රමාණයක් බවත් පැවසේ.
එනම් මෙම යෝධ ඩයිනෝසරයා පැසිපන්දු පිටියක් තරම් දිග බවත් දෙමහල් ගෝඩනැගිල්ලක් තරම් උස බවත් පර්යේෂකයන් හෙළි කර ඇත.