23 C
Colombo
Tuesday, January 28, 2025

ජවිපෙට ඡන්දදායකයෝ නෑ – ප්‍රේක්ෂකයෝ විතරයි ඉන්නේ – තිස්ස අත්තනායක

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ජනතා විමුක්ති පෙරමුණට මේ දක්වා නොහැකි වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වී ඉදිරි ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වුවත් තම පක්ෂයට කිසිඳු අභියෝගයක් නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

“ජනතා විමුක්ති මම දකින්නේ කතන්දර කියන පක්ෂයක් විදියට, රසවත් කතා එයාලා කියනවා. යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට එයාලා ඇවිත් නැහැ/ එයාලට ඉතිහාසය මතකද දන්නේ නැහැ. එත් රටේ ජනතාව දන්නවා එයාලගේ ඉතිහාසය. දශක 4ක ඉඳන් එයාලා සුන්දර කතා කියනවා. කවුරුවත් එයාලගේ කතා විශ්වාස කරලා නැහැ. බලන්න එයාලා අවසන් මැතිවරණයේ දී ගත්ත ප්‍රතිශතය. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයෝ හිටියට ඡන්ද දායකයෝ නැහැ. ඉතිහාසයේ යථාර්ථය ඒකයි. මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත වැඩපිළිවෙලක් ඔවුන්ට නැහැ. අනික ඔවුන් ආණ්ඩු නියෝජනය කරා එත් ජනතාව වෙනුවෙන් මොනවද කලේ?.”

RECENT ARTICLES - SINHALA

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තාවන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය...

POPULAR ARTICLES