පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසා සිටියා.
අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් මන්ත්‍රිවරු තමන් වේදිකාවකදී පවා දැක නොමැති බවයි.
අද (12) දිනයේ youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
එහිදි අමාත්‍යවරා පවසා සිටියේ,
”පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රි සංයුතිය ගත්තොත් NPP කියන අන්තර්ඝතය සහිත ආපු අය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ.තාම අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා මට සැකයි සජිත්ලගේ කවුරු හරි කෙනෙක්ද අපේ කෙනෙක්ද කියලා.දැක්කම එකපාරට අදුරන්නේ නැහැ.ආවනේ 159ක් .ඇත්තම කියනවනම් මම වේදිකාවක දැකලා නැහැ සමහරු.අපේ හයිලයිට් වුන සමහර අය නැහැ…අහන්නත් බැහැ මල්ලි (සහෝදරයා)අපේ පක්ෂෙද කියලා…”