ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15) පෙරවරුව වනවිටත් වාර්තා වී නැති බව පැෆරල් සංවිධානය පවසනවා.
බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී එක් පහරදීමක් තහවුරු වී නැති බවයි එම සංවිධානය පවසන්නේ.
එමෙන්ම පහරදීම් 14ක් වාර්තා වී ඇති අතර ඉන් නවයක් තහවුරු නැති බවත් නිශ්චල දේපළ හානි කිරීම් පහක් වාර්තා වී ඇති අතර ඉන් එකක් තහවුරු වී නැති බවද පැෆරල් සංවිධානය පවසනවා.
එම සංවිධානය පවසන්නේ, තර්ජනය කිරීම් හා බියවැද්දීම් 17ක් වාර්තා වී ඇති අතර ඉන් දෙකක් තහවුරු වී නැති බවත් දේශපාලන කාර්යාල හානි කිරීම් 29 වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී නැති බවයි.
තවද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 1372ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය වැඩිදුරටත් පවසනවා.