28.8 C
Colombo
Wednesday, March 26, 2025

පාර්ලිමේන්තුවේ පෙම්යුවලක් ඉන්නවා – මුජිබුර්

- Advertisement -

වර්තමාන පාර්ලිමේන්තුවේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ , පියා සහ පුතා පමණක් නොව පෙම්වතා
සහ පෙම්වතියද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්
පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මේ බව කියා සිටියේ අද (23) පවතී මාධ්‍ය හමුවකදී
අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා ,

“ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඥාති සම්බන්ධතා නෑ කියලා.පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ නෝනයි මහත්තයයි මන්ත්‍රීවරු වෙලා හිටියේ නෑ.ආණ්ඩුව පාර්ලිමේන්තුවට නෝනයි මහත්තය ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තාත්තයි පුතාවයි පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේවා ඥාති සංග්‍රහයවල් නෙවෙයිද. ඒවගේම ආණ්ඩුව කවුරුත් නොකරපු දේකුත් කරලා තියෙනවා. පෙම්වතා සහ පෙම්වතියත් පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඒක කවුරුත් නොකරපු දෙයක්. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් ඡන්දේ ඉල්ලලා පරාජය වුණකෙනෙක්ට තානාපති ධූරයක් දීලා තියෙනවා.

ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මන්නාරම සුළං විදුලි බලාගාරය තමන්ගේ ළඟම හිතවතෙකුට ලබා දුන්නා… ඒවගේම සතුට ආයතනයේ විගණනවාර්තා පරීක්ෂණ ටෙන්ඩරය ජනාධිපතිවරයාගේ උපදේශකවරයකුට ලබා දීලා තිබෙනවා. ඔය පුටුවෙහිටපු කලින් ජනාධිපතිවරුත් කලේ ඔය ටිකම තමයි. ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික වියදම් අඩුකරගෙන තිබෙනවා. නමුත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයාටනොහැකි වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වියදම අඩුකිරීම පමණක් නෙවෙයි ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියලා කියන්නේ. තමන් කරන කියන දේවල් තුළ විනිවිද භාවයක් තිබිය යුතුයි. නමුත් ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තක එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ වගේම ජනාධිපතිවරයා සමග විශ්වවිද්‍යාලයේ එකට කටයුතු කළ පුද්ගලයාට ලේකම් ධූරය පිරිනමා තිබෙනවා.මේව තමයි ඥාති සංග්‍රහයවල් කියන්න. මේක තමයි සියලුම ජනාධිපතිවරු සිදු කළේ. ඒ නිසා තවත් ජනතාව අන්දන්න සූදානම් වෙන්න එපා. ජනතාව ඇන්ඳිල්ලේ සීමාවක් තිබිය යුතුයි. පෙර පැවැති ආණ්ඩුගෙන ආ ක්‍රමයම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා ඥාති සංග්‍රහයවල් නෑ කියලා බොරු ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES