බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී.දිසානායක මහතා සඳහන් කළේ, නිලධාරි හිඟය හේතුවෙන් සෝදිසි කිරීම්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.
මේ වනවිට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.
රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.