දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, 40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක් පවතින බවයි.
උසස් ඩිප්ලෝමාධාරීන් 41 දෙනෙකු මේ වනවිටත් රැකියා අපේක්ෂිතව සිටින බව ඔහු පෙන්වා දෙනවා.
පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ, මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි.
මේ වසරේ විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් විදේශගතවී තිබෙනවා.
දැනට සේවය කරනු ලබන්නේ විකිරණ තාක්ෂණවේදීන් 620 ක්.