24 C
Colombo
Wednesday, January 22, 2025

නැවත සහල් ආනයනය ගැන කිසිදු තීරණයක් නැහැ

- Advertisement -

යළි සහල් ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රට තුළ පවතින සහල් හිඟය මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග අවසන් වනු ඇතැයි, දැනට පුරෝකථනය කර ඇති බවයි.

මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

ඔහු පවසන්නේ, එම තත්ත්වය තුළ සහල් මෝල් සතුව පැවති වී තොග වෙළඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරමින් ඇති බවයි.

සහල් ආනයනයට යොමු වීමෙන්, ගොවීන් බරපතල අර්බුදයකට මුහුණ දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 25 ක් බවද නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනපති මන්දිරවලට කරන්න යන දේ

කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර...

ප්‍රබල අපරාධකරුවන් ලංකාවට ගේනවා – අනුර

විදෙස් ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ,...

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ නඩුව ළඟදීම – ජනපති

0
'ද නේෂන්' පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වඳ හිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ නඩුකරය ඉතාමත් නුදුරේදීම ආරම්භ කරන බව ජනාධිපති...

POPULAR ARTICLES