මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවයි.
ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීයි.
මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන අතර මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.