සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.
අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ අනුව එම පක්ෂයේ බොහෝ පිරිසක් කලකිරීමකින් සිටින බවයි.
තමාද සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ නායකයාගේ පැවති දුර්වලතා හේතුවෙන් බවත්, චම්පික, රාජිත වැනි පක්ෂයේ සිටි ප්‍රබලයින් බොහෝ පිරිසක් පක්ෂය හැර ගොස් ඇති බවත් ඔහු පවසනවා.
සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානයට ලක් කිරීමට කටයුතු නොකළහොත්, පක්ෂ නායකයා සමඟ පක්ෂයට ගමනක් නොමැති බව සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියා.