සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා.
ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට පැමිණ නිහඬ විරෝධතාවක නිරත වෙමින්.
සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත්, එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බව මෙන්ම එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවට චෝදනා කරමින් රාජකාරී මණ්ඩලය සිය කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.