25 C
Colombo
Sunday, January 12, 2025

තඹුත්තේගම තැපැල් ස්ථානය හොරු බිඳලා

- Advertisement -

තඹුත්තේගම තැපැල් ස්ථානය බිඳ එහි සේප්පුවේ තිබූ රුපියල් එක් ලක්ෂ දාහතර දහසකට වැඩි මුදලක් සොරා ගෙන ගොස් තිබෙන බවට තඹුත්තේගම පොලීසිය පවසනවා .

තඹුත්තේගම පොලිස් ස්ථානයට මීටර 300 ක පමණ දුරින් තැපැල් ස්ථානය පිහිටා තිබෙන අතර, ඊයේ (17) රාත්‍රියේ ඇතුළු වූ ‌සොරෙකු හෝ කණ්ඩයමක් මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ජනේලයක කූරූ කපා ඇතුලු වූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් විදුලි ග්‍රයින්ඩරයක් භාවිතා කර සේප්පුව කපා මුදල් සොරා ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සේප්පුව තුළ අත්‍යවශ්‍යය ලිපි ලේඛණ, දෛනික මුදල් හා මුද්දර තිබී ඇති අතර, රුපියල් එක් ලක්ෂ දා හතර දහසකට වැඩි මුදල් පමණක් සොරා ගෙන ගොස් ඇති බවත්, එම සේප්පුවේ කවුලුවක තිබූ රුපියල් දස ලක්ෂ හැත්තෑ පන්දහසක මුද්දර සොරා ගෙන ගොස් නැති‍ බවත් සඳහන්.

පොලීසිය පවසන්නේ සේප්පුව ස්ථාන තුනකින් ඇතුලට අත දැමිය හැකි වන පරිදි කවුලු තුනක් කපා සේප්පුව තුළ වූ මුදල් සොරා ගෙන තිබෙන බවයි.

අද (18) උදෑසන 5.45 ට පමණ තැපැල් සේවා නිළධාරිනියක හා ලිපි බෙදා හැරීමේ නිළධාරින් දෙදෙනකු ලිපි තේරීමේ කටයුතු සඳහා තඹුත්තේගම තැපැල් කාර්යාලයට පැමිණ ඇති අතර, කාර්යාලය විවෘත කර රාජකාරී සිදු කරන අවස්ථාවේ කාර්යාලය තුළ යමෙක් පිළිස්සෙන ගඳක් (කර ගඳක්) ඇති වීම නිසා, ජනේලයක් විවෘත කිරීමට යාමේදී එහි ජනේලයක කූරූ කපා ඇති බව දැක තිබෙනවා.

ඒ පිළිබඳව වැඩි දුරටත් පරික්ෂා කිරීමේදී සේප්පුව පිහිටි කාමරයේ අගුලු කඩා ඇති බව දැක මේ පිළිබඳව තඹුත්තේගම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරිය දැනුම්වත් කිරීමෙන් පසු ඒ පිළිබඳව තඹුත්තේගම පොලිස් ස්ථානයට පැමිණිලි කළ බව සඳහන්.

ඒ අනුව තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් හා අනුරාධපුර දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්, ඇඟිලි සලකුණු පරීක්ෂණ නිළධාරීන් හා පොලිස් නිළ සුනඛ සැන්ඩි යොදා ගෙන පොලිස් නිළ සුනඛ අංශය මගින් පරීක්ෂණ සිදු කර තිබෙනවා.

එම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිතුමිය කියා සිටියේ,
ඊයේ (17) පස්වරු 03.00 පමණ මුද්දර අලෙවිය, විදුලි බිල්, ජල බිල් ආදී ගෙවීම් මගින් ලැබුණු මුදල් රුපියල් දස ලක්ෂ හතලිස් දහසක් බැංකු ගත කළ බවත්, පස්වරු 03.00 න් පසු ලැබුණු රුපියල් එක් ලක්ෂ දා හතර දහස් පන්සියයකට ආසන්න මුදලක් සේප්පුව තුළ තිබූ බවත්, රුපියල් දස ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වටිනා මුද්දර සේප්පුව තුළ තිබූ බවත් මුද්දර සොරා ගෙන නැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග...

POPULAR ARTICLES

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

දිගු වුණ ෂකීබ්ගේ තහනම

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද...