කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇති බව කොටුව පොලිසිය පවසනවා.
පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට ඊයේ (02) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.