ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණත් දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.
යෝජිත පාර්ලිමේන්තු කාරක සභා යෝජනා ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහනුවර පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ.
එහිදී ඔහු ප්‍රකාශ කළේ වර්ථමානයේ මුල්‍ය වංචාවකට බන්ධනාගාරගත සිටින තිලිණි ප්‍රියමාලි නිදහස්ව මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් පුදුම නොවන බවයි.
මෙරට ජනප්‍රිය නළුවෙක්, නිලියෙක්, නිරුපිකාවක්, ගායකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් රටේ මහජනතාව ඉහළින් මනාප ලබා දෙන බවයි කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.
රජයකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් මාරු කිරීමේ බලයක් නොමැති බවත් ජනාධිපතිවරයෙක් පත් කළ කොමිසම ඉවත් කිරීමට බලයක් නොමැති බැවින් ඒ සඳහා බහුතර කැමත්ත අවශ්‍ය බව ඒ මහතා පේනවා දෙනවා.