26.4 C
Colombo
Friday, March 14, 2025

ඡන්ද පොළට යනවිට රැගෙන යා යුතු දේ

- Advertisement -

ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරින් වෙත ඉදිරිපත් කිරීමත් අවශ්‍ය බවත් මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත

2. වලංගු විදේශ ගමන් බලපත්‍රය

3. වලංගු රියදුරු බලපත්‍රය

4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)

5. වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)

6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පුජක හැඳුනුම්පත

7. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

8. මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

9. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඒ අනුව ඉහත ලැයිස්තුවේ සඳහන් හැඳුනුම්පත් අතුරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබෙන අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථව හිමි වන්නේ නැහැ.

එසේම අපැහැදිලි හැඳුනුම්පත් (ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි නම් හෝ නම් කියවිය නොහැකි ලෙස මැකී ඇත්නම්), අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදි ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්ද පොළේ දී පිළිනොගන්නා බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...