24 C
Colombo
Monday, January 27, 2025

මේ බජාර් එකට මල්ලී ගීතයට තහනම් නියෝග

- Advertisement -

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා අද(31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය සඳහා රචනා කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය කිසිඳු අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරෙගම ෆිල්ම්ස්’‘, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන වලටයි.

බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට තිබෙන බව ද පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද...

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

POPULAR ARTICLES