30 C
Colombo
Wednesday, January 15, 2025

විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රට තිරිසන් සමාජයක් වුණා – විජයදාස

- Advertisement -

විධායක ජනාධිපති ක්‍රමය තුළින් මෙරට  තිරිසන් සමාජයක් බිහි වූ බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසා ඇත්තේ එම සමාජ ක්‍රමය මෙරට ජනතාව විනාශ කළ බවයි.

අද (05) කොළඹ පැවති විධිමත් රටක් නමින් වු සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයේදී විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

එක් යුගයක මෙරට මැද මුලන බූදලයක්ව තිබූ බවත් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිහානියට පත්වූ බවත් විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා.

එහිදී  මෙරට පැවති අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ  අරගලය අයත් වන්නේ තරුණයින්ට පමණක් නොව ඒ සඳහා වයස් භේදයකින් දෙකින් තොරව රටේ බොහෝ පිරිසක් එක්වු බවයි.

කෙසේවෙතත් එහි අරමුණු හඳුනන  නායකයෙකු නොමැති වීම හේතුවෙන් අකාලයේ දියව ගිය බවද විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,

“අප රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බංකොලොත් රටක මැතිවරණයක් පවත්වනවා. දේශපාලන පක්ෂ නායකයින් සහ පක්ෂ විසින් ජනතාව බංකොලොත් කර තිබෙනවා. 1977 වනතෙක් මේ තත්ත්වය මේ රටේ තිබුණේ නෑ සියල්ල උඩි යටිකුරු වුණේ හැත්ත හතෙන් පසුවයි. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ තිරිසන් සමාජයක් බිහිකළා. තිරිසන්නු අපව විනාශ කළා. ඒ නිසා මේ සමාජයම වෙනස් කිරීම සඳහා අද ජනතාවට නැගී සිටීමට සිදුව තිබෙනවා.

එදා ඇතමුන් තමාට ඔටුනු පැළඳවීමට කුමාරවරු දරුවන්නැතැයි කිවිවත් අපට එසේ සිතන්න බෑ. මේ රටේ දූ දරුවන් ලක්ෂ ගණන කොට අප ඔටුනු පැළඳවිය යුතුයි. එහෙම හිතන්ඩ බැරි පාලනයකින් මේ රට හදන්න බෑ කාලයක් මේ රට මැද මුලන බූදලයක් වුනා. එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තැනක් නැතිවුණා ඊට පස්සේ බඩ වඩා ගැනීමට කටයුතු කළා මිසක් පක්ෂය ශක්තිමත් කළේ නෑ.

මම නායකම් ඉල්ලුවෙ නෑ නෑ බදා ගැනීමේ පුරුද්දේ නෑ අතහැරීම මගේ පුරුද්දයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ වගකීම මට තිබෙනවා. අදටත් ඒ පක්ෂයට මේ රටේ ඡන්ද ලක්ෂ පනහක් හැටක් තිබෙනවා.

මේ රට වෙනස් කිරීමට නම් නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් විය යුතුයි.. නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් අනාගතයක් නෑ.”

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES