අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, දෙහිවල පැවති ජන රැළියකට එක්වෙමින්.
ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවට මැතිවරණයේදී පැවසූඋ ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි.
මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවද ඔහු සඳහන් කළා.
ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් බවත් ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මහමැතිවරණයේදී මෙම තත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.