කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමිදානයට ඉඩනොදීම විකාරයක් යැයි සදහන් කරමින් අධිකරණ ඇමති අලි සබ්රි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොවිඩ් 19 ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද එය පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් එම සටහනේ දැක්වෙනවා.
