24 C
Colombo
Thursday, November 28, 2024

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

- Advertisement -

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්
විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03කින් කල් යන බව මෙහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව නව දිනයන්ට අදාළව විභාගය පැවැත්වෙන කාලසටහන පහත පරිදි සිදුවනු ඇති.

නොවැම්බර් 27 බදාදාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.නොවැම්බර් 28 බ්‍රහස්පතින්දාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 23වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 29 සිකුරාදාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 27වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 28වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 02 සඳුදා පැවැත්වීමට නියමිත  වූ විෂයන් දෙසැම්බර් 30වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 03 වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 31වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

POPULAR ARTICLES

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...