27.9 C
Colombo
Saturday, April 5, 2025

මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සැකකරුවකු ලෙස නම් කර ඇති බවට පසුගිය දිනවල පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද (01) ඇඹිලිපිටියේදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පවසා සිටියේ, මේ පිළිබඳව සිදුවීමට අදාළ පොලිස්ථානයෙන් සහ අධිකරණයෙන් විමසීමක් කර, තොරතුරු ලබාගත් අතර එහි දී ද අනාවරණය වූයේ තමන්ව එලෙස සැකකරුවෙක් ලෙස නම් කිරීමක් කර නොමැති බවයි.

“මාධ්‍ය නිදහස අපි පිළිගන්නවා. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් අපි පිළිගන්නවා. නමුත් බොරු සමාජගත කිරීම පිළිගන්න බෑ.

මාර්තු 27 වෙනිදා දි අයිලන්ඩ් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීමට සහ එම සිදුවීමේ දී ගිනි නිවන හමුදාවට බාධා කිරීමට අදාළව එරංග ගුණසේකරව සැකකරුවෙක් ලෙස නම් කරලා , වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියන එක.

ද අයිලන්ඩ් පුවත්පත වෙනම උසාවියක් දාලද, මේක මටත් වඩා උසාවියට අපහාසයක්.

එතනින් පස්සෙ විවිධ වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව වාර්තා කරලා තිබුණා. මේ පිළිබඳව එම සිදුවීමට අදාළ පොලිස් ස්ථානය වන කොල්ලුපිටිය පොලිසියෙන් සහ උසාවියෙන් විමසීමක් කළා. එලෙස මාව එම සිදුවීමේ සැකකරුවෙක් ලෙස නම් කිරීම හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරලා නෑ.

තවදුරටත් මේ සාවද්‍ය පුවත සමාජගත වෙනවා නම්, ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා “

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES