31 C
Colombo
Wednesday, April 23, 2025

නීතිවිරෝධීව දේපල උපයාගත් අයට වැඩ වරදියි

- Advertisement -

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව, අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර යෝජනා සම්මතය පිළිබද ඡන්ද විමසීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතයි.

හෙට (09) දිනයේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වනවා. 

පසුගිය මාර්තු මස 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයේ විමර්ශන: ශානි අබේසේකරත් කමිටුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර...

ඇමතිවරුන්ට දෙන වාහන ගණන දෙකකට සීමා කරයි

අමාත්‍යවරුන්ට රජයෙන් ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව...

මහා පරිමාණ දූෂණ සිද්ධි 300ක් ගැන විමර්ශන

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.  එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු...

POPULAR ARTICLES