පැරදිලා රෑට හීනෙන් අඩන අයට මේ ආණ්ඩුව වට්ටන්න බැරි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ අද(03) නුවරඑළියේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් .
ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගය ගැන බොරු කියමින් ජනතාව මං මුලා කළ දේශපාලකයන් හට ජනතාව විමසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි නිසා ප්‍රසිද්ධ රැස්වීමක් පවා පැවැත්විය නොහැකි තත්වයක් උදාවි තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.
වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ,
ජාතික ජන බලවේගයට විරුද්ධව නොයෙකුත් දෝෂාරෝපණ දොස් අවලාද නගන්නට ජනාධිපති මැතිවරණ සමයේදී එවකට හිටපු පාලක පන්තිය හා වලව් දේශපාලකයන් කටයුතු කරා , ඒත් අද වන විට ඒවා සියල්ල බොරු බව මහජනතාව හොඳ හැටියටම හඳුනාගෙන ඉවරයි. එදා බොරු කිව්ව ඒ අයගේ කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් කොතැනක දී වත් තියන්නේ නැහැ. තියන්න බැහැ ඒකට හේතුව ඔවුන්ට මහජනතාවට කතා කරන්න කිසිදු දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔවුන් මහජනතාව ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නකොටම මහජනතාව හරවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා ජනාධිපති මැතිවරණ කාලයේ දී කියපු දේවල් කිසිදෙයක් වෙලා නෑනේ. ඇයි එහෙම දෙයක් වුණේ නැත්තේ කියලා.
ජනාධිපති මැතිවරණ කාලයේ දී ඔහුන් මහජනතා මුලා මුලාකලා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරා නම් රටේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වෙනවා කියලා තැන් තැන්වල ගහමරා ගන්නවා කියලා කෝ ඒ දේවල් මොනවා හරි වුණාද , අඩුම තරමේ රතිඤ්ඤා කරලක්වත් පත්තු වෙන්න නොදී අපි වගබලා ගත්තා. නුවරඑළිය ගත්තහම හඟුරක්කෙත ප්‍රදේශයේ අයියට මල්ලිට පොඩි මල්ලිට පවුලටම බය වෙලා ජනතාව දේශපාලනය කරපු කාලයක් තිබ්බා. හවස හය වෙද්දි ගෑණු ළමයි පාරට යවන්න බැහැ. ඒ තරම් අසික්කිත දේශපාලනයක් පැවති තැනක් තමයි හඟුරන්කෙත කියලා කියන්නේ . ඒ වගේ දේශපාලනයකට මින් ඉදිරියට අප කිසිසේත් ඉඩ තියන්නේ නැහැ .
පරාජයේ වියරුව දරා ගන්න බැරුව දැන් කියනවා අපි සල්ලි වෙන් කරලා තිබ්බෙ පඩි වැඩි කරන්න කියලා. වෙන් කරලා තිබ්බා නම් කෝ දෙන්නකෝ. මම හිතන්නේ බලයේ හිටපු කට්ටියට දැන් හීනෙනුත් ඇඬෙනවා ඇති ඇඬෙන්නේ නැද්ද කියන්නකෝ , තමන්ගේ දුක වැඩිකමට හිත හදාගන්න තමයි කියන්නේ ආණ්ඩුව සතියෙන් වැටී දෙකෙන් වැටී තුනෙන් වැටේ කියලා මේ ආණ්ඩුව කප් එකටවත් වට්ටන්න අපි ඉඩ තියන්නේ නැහැ. බලවත් පාර්ලිමේන්තුවක් හදලා ඇමති මණ්ඩලයේ 25දෙනෙකු සහ නියෝජ්‍ය ඇමති මණ්ඩල ඊට වඩා අඩු පිරිසක් එක්ක රජය සාර්ථකව කරගෙන ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න ගැටළු විසඳන්න අපි සූදානම්