30 C
Colombo
Saturday, January 11, 2025

එදිරිසිංහ සමාගමේ තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) පස්වරුවේ ලබාදුන් උපදෙස්වලට අනුවයි.

අත්අඩංගුවට පත් දීපා අංජලී එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක්ද වනවා.

එදිරිසිංහ ව්‍යාපාරය කලෙක මෙරට තිබූ දැවැන්ත ව්‍යාපාර ජාලයක් වූ අතර එහි සභාපතිනී සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව එම ව්‍යාපාර දිනෙන් දින අභාවයට යනු ලැබූවා.
ඇයගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ හට එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිවූ අතර ඔවුන් සතුව තිබූ රූපවාහිනී නාළිකාව වන ස්වර්ණවාහිනී සහ රේඩියෝ නාලිකා කිහිපයක්ද විකුණා දැමීමට සිදුවුණා.
ETI සමාගම හරහා තැන්පතුකරුවන්ගේ රුපියල් බිලියන ගණනක මුදල් වංචා කර තිබූ අතර මේ හේතුවෙන් ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

කෙසේ වෙතත් ETI සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙක් වන නාලක එදිරිසිංහ මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

RECENT ARTICLES - SINHALA

නිවාඩුවට වි‍ශේෂ දුම්රිය 04ක්

ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ, ඒ...

Breaking : දුමින්ද සිල්වා මෙවර ජාතික රෝහලට

0
බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙවර කොළඹ ජාතික රෝහල...

ගෝඨා අහෝසි කළ විශ්‍රාම වැටුප යළිත් දෙනවා – කම්කරු නියෝජ්‍ය ඇමති

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා. කම්කරු...

POPULAR ARTICLES