ස්විස් එයාර් ගුවන් සේවය මේ මස 10 වනදා සිට ලබන වසරේ මැයි දක්වා සතිපතා මෙරටට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙමඟින් යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු බවයි.
මේ අතර අද (03) සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සෙන්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10කට වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය කියා සිටියේ මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමාගමට අයත් යානාවක් පැමිණෙන බවයි.
මේ අතර ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවය හෙට (04) සිට ශ්‍රී ලංකාව සමඟ සතිපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.